ඔසු උයන


හීන් බෝවිටියා

 

ව්යාප්තිය - 

අප්රිකාව, දකුණු ආසියාව, උතුරු ඔස්ට්රේලියාව වැනි රටවලත්, ශ්රී ලංකාවේ පහතරට තෙත් කලාපයේ සිට මුහුදු මට්ටමේන් අඩි 5000ක්දක්වා වූ උස ඇති ප්රදේශවලත් වැවේ. දකුණු ඉන්දියාවේ දක්නට ලැබේ.

 

රූපාකාරය - 
කුඩා සෘජු පැළෑටියකි. අතු බෙඳී ඇත. පිටපොත්ත රතු දුඹුරු පැහැයක්ගනී. ආයත හැඩැති පත්රවල යටි පැත්තේ සියුම් රෝම සහිත . දිගින් මි.මී. 3ක්පමණ වෙයි. ද්විලිංගික මල් රෝස පැහැති . කුඩා . සුදු පැහැයට හුරු මල් ඇත. බෝංචි බීජ හැඩය ගත් කුඩා බීජ, කරල්වල ඇත.

ඖෂධීය ගුණය - 
ආයුර්වේදයේත්, දේශීය වෙදකමේත් හීන් බෝවිටියා යොදන අවස්ථා ඇත. සෙංගමාලය රෝගයේ දී හීන් බෝවිටියා වෑංජනයක්ලෙස ආහාරයටත් උදෑසන හිස්බඩ කැඳක්ලෙසටත් භාවිත කරන ලෙස දේශීය වෙදකමේත් ආයුර්වේදයේත් නිර්දේශ කෙරෙයි. බඩේ රිදීමක්නැති කීප වරක්බඩ යන විට හීන් බෝවිටියා කිරට උයා ආහාරයට ගැනීමෙන් එම රෝගී තත්ත්වය සුව වෙයි.
හීන් බෝවිටියා ළපටි කොළ වෑංජනයක්ලෙස උයා ආහාරයට ගත හැකි . මේරූ පත් සලාද සැදීමට ගනී. දිනපතා දින 5ත් 7ත් අතර කාලයක්ආහාරයට ගැනීමෙන් දියවැඩියාව අඩු වන බව සඳහන් වෙයි. තරමක මේරූ පත් කොටා පොල්, කැකුළු හාල් සමඟ කැඳ පිස උදෑසන කිතුල් හකුරු සමඟ බීමෙන් ශරීරයේ අධික උෂ්ණය නැති වී යයි. සෙංගමාලය රෝගයේ දී මේරූ හීන් බෝවිටියා කොළ පොල් සමඟ කොටා මිරිකා හීනටි හාලෙන් කැඳ උයා දින කීපයක්ලුණු නො දමා හිස්බඩ බීමෙන් සුවය ලැබෙයි.

 වගා කිරීම - 
පරිසරයේ වල් පැළෑටි අතර වැවේ. වගා කිරීමක්නො කෙරෙ.¨ පරිසර පද්ධති කුඩා වීම මෙම පැළැටිය වඳ වීමට හේතුවකි.




කෝමාරිකා ශාක

සත්ව වර්ගයාගේ පැවැත්මට අවශ්යවු ආහාර,ඖෂධ,ඡලය පරිසරය විසින්ම මිනිසාට සපයනඅතර,සත්ව වර්ගයා පෝෂණය කරමින් සත්වයින්ගේ අපද්රව් උපයෝගිකර ගනිමින්,ශාකලෝකය විශ්මඡනකදේ නිර්මානය කරයි. සත්ත්ව වර්ගයා ඡිවත්කරවිම සදහාය. සත්ත්ව වර්ගයාගේ අබණ්ඩ පැවැත්මට පරිසර පද්ධතියට අයත් විවිධ ශාක මගින් ආරක්ෂිතව අනාගතය කරා රැගෙන යනු ඇත.
ඇමරිකාව,අප්රිකාව,ඉන්දියාව,පකිස්තානය,සහ ශ්රි ලංකාව වැනි රටවල උෂ්ණ කලාපිය ප්රදේශ ආශිතව සරැවට වැඩෙන කටු සහිත,දික් හැඩැති කොළ ඇති ශාක විශේෂයකි කෝමාරිකා.මෙය ලිලියාසේ (LILIACEAE) කුලයට අයත් ඇලෝ ඉන්ඩිකා(ALOE INDICA) යන උද්භිත විද්යාත්මක නමින් හැදින්වේ.මෙය ස්ත්රි පක්ෂයේ රෝග විශාල සංබ්යාවක් සුවකිරීමට යොදාගන්නා ඹෟෂධයක් බැවින් කුමාරි,ගෘහ කන්යා,කන්යා,සෘතු කුමාරි,කුමාරිකා ආදි විවිධ නම් වලින් හැදින්වේ.

කෝමාරිකාවල ඹෟෂධීය ගුණය

මිනිස් සිරුරට අවශ්යය ඇමයිනෝ අම්ල විසි දෙකකින් විස්සක්ම අඩංගුය.ශාරීරයට නිපදවාගත නොහැකි අත්යවශ්(ESSENTIAL PROTEIN) ඇමයිනෝ වර්ග හතක්ම ඵහි අඩංගුය.අධිකපෝටීන ප්රමානයකින් සමන්විත වේ.මෙහි විටමින් ඵ්, විටමින් , විටමින් සි, සහ විටමින් බි, අඩංගුය.පැරැන්නෝ විටමින් ඵ් ඌනතාවය නිසා ඇතිවන රාත්රි අන්ධභාවය සඳහා ඹෟෂධයක් ලෙසින් මෙය භාවිතා කර ඇත.සමහර පිළිකා,රුධිරය තුළ ඇතිවන ප්රෝටීන ඌනතාවය වැළැක්වීමට පිළියමක් ලෙස කෝමාරිකා යුෂ වලින් සාදන පානයක් භාවිතා කළේය.රෝගියකු දරුණු ආබාධිත තත්වයනට පත්ව ESR නමැති රුධිර පරීන්ෂණයේ ඉහල අගයක් ඇතිවිට ඵය ඉක්මනින් පහළ මට්ටමට ගෙන ඵ්මට කෝමාරිකා යුෂ භාවිතා කෙරේ.

විවිධ රෝග නිවාණනය

අක්ෂි රෝග ,පෝෂණ ඌනතා රෝග,රක්තහීනතාවය,දුර්වල ප්රතිශක්තියක් ඇතිවිට ඵය මර්ධනයට,ආමාශික තුවාල(GASTRITIS) අන්ත්රගත තුවාල(ULCRATIVE COLITIS),ගුදය මගින් රක්තවහනය වීමෙදි(RECTAL BLEEDING), අර්ශස්වලට සම්බන්ධ අන්ත්රගත පිළිකා,චර්ම පිළිකා,ලේ පිළිකා ආදියට,ඔසප් චක්රය ආශ්රිත විවිධ රෝග සඳහා,ආර්තව හරණය නිසා ඇතිවන රෝග,සුවනොවන තුවාල සුවකිරීමට,රූපලාවන් ප්රතිකාර,සම විකිරණ මඟින් ආරක්ෂාව,දියවැඩියා සහ උන්මාද රෝග ආදි විවිධ රෝග සඳහා ප්රතිඵලදායක ඖෂධයකි.

පිළිකා රෝග නිවාරණය

මෙහිදි කෝමාරිකා ඖෂධයක් ලෙස භාවිතා කිරීමෙදී ක්රම දෙකකින් ඵම පිළිකාව හෝ ගෙඩිය විනාශකර දමයි.ඵනම් කෝමාරිකා තුළ ඇති පොලිසැකරයිඩ සහ අල්කොලොයිඩි වලට ශාරිරය තුළ වෙනස්වු DNA අණු මුල් ස්වරූපයට ගෙනඵ්මේ හැකියාව ඇත.මෙහි ප්රතිඵලයක් ලෙස 1.වෙනස්වු සෛල මුල් ස්වරූපයට ගෙන ඵ්ම නිසා පිළිකා සෛල ඇති නොවේ. 2.කෝමාරිකාවල ඇති අධික ප්රතිශක්තියක් ඇතිකරදීමේ හැකියාව නිසා T4 ලිම්පොසයිට් සහ භක්ෂක සෛල වැඩිපුර ඇතිකර වෛරසය විනාශකරන අතර, වැඩි ප්රතිශක්තියක්ද ඇතිකරනු ලබයි.නිතර වැළදෙන රෝගාබාධවලින් ශාරීරය ආරක්ෂාකරදීම ඵමඟින් සිදුවේ. ඵමඟින් පිළිකා සෛල ඡනනය කළ හැකි වෛරස් වර්ග ප්රතිශක්තියෙන් විනාශ කරයි.ඵවිට පිළිකා සෑදීමේ ප්රවනතාවය අඩුවේ.

අම්ල පිත්ත රෝගය නිවාරණය

මෙම රෝගය සඳහා විවිධ ඖෂධ වර්ග දක්නට ලැබුනත්, රෝගය සුවවන ආකාරයේ ගුණයක් නොලැබෙන බව නොරහසකි.ඵම රෝගී අවස්ථාව සඳහා කෝමාරිකා වටිනා ඖෂධයකි.අම්ල පිත්ත හෙවත් ආමාශයික ප්රදාහයේ දී (GASTRITIS) ආමාශයික යුෂ ප්රමාණය ඉහල යාමක් සිදුවේ. ආමාශය වටා ඇතුළතින් ඇති ආවරන පටලය(EPITHILIUM)ඉදිමේ.පසුව ඵය ආමාශයික තුවාල ඇතිවීම දක්වා වැඩිවේ.ඵවැන් අවස්ථාවක කෝමාරිකා ශාකයේ ඡෙලි වැනි කොටස බීමක් වශයෙන් ගත්විට ප්රත්යන්ෂ ලෙස සුවය ලැබේ.කෝමාරිකාවල ඇති සිසිලන ගුණය නිසා ආමාශයේ වේදනාව නැති කරනු ලැබේ.ඵහි ඇති හිරිවැටිමේ ගණය මඟින්(ANASTHATIC) ආමාශයේ වේදනාව තව දුරටත් අඩු කරනු ඇත. ප්රදහ සමන ගුණය මඟින්(ANTI INFLAMMATIONRY) ඉදිමුම අඩු කරයි.මෙහි ඇති ශාරීය ගුණය මඟින්ආමාශයේ ආම්ලික ගතිය නැතිකරයි.මෙහි ඇති විශේෂවු ඇල්කොලයිඩ මඟින් ගැස්ට්රිස් හෝමෝනය පාලනය කර ආමාශයික යුෂ වැඩිපුර ගලායාම සීමා කෙරේන, ඵසේම සමහර ඇල්කොලයිඩ මඟින් මිනිස් මොළයේ සමහර ස්ථාන වෙත බලපෑමක් කර,මානසික සන්සුන් බව ඇත්කීරීමෙන් ආමාශයික යුෂ ගලාඵ්ම පාලනය කරයි.මෙහි අඩංගු සමහර පොලිසැකරයිඩ මඟින් ආමාශයේ අභ්යන්තර ආවරණ පටලය (EPITHELIUM) වේගයෙන් වර්ධනය කර, තුවාල ඉක්මනින් සුව කරයි.මේ නිසා අම්ල පිත්ත රෝගයද නිට්ටාවට සුව කිරීමේ හැකියාව මෙම ඖෂධයට පවතී.

ස්ත්රී රෝග නිවාරණය

කෝමාරිකා තවත් ආකාරයකින් ස්ත්රීන්ට සුවිශේෂි දිවි ඔසුවකි. සෑම ස්ත්රියක්ම වයසට යාමත් සමඟින් ආර්තව චක්රය ස්වභාවයෙන්ම නවතී .ඵවන් තත්වයකට පත්වු ස්ත්රි තුළින් විවිධ රෝගී තත්වයන්,රෝග ලක්ෂණ දක්නට ලැබේ.ශාරීරය තුළ ස්ත්රී හෝමෝන අඩු වීම මෙයට ප්රධාන හේතුව වේ.මේ නිසා ශාරීරයේ ඇතිවන දැවිල්ල, ඇඟපත වේදනාව,ශාරීරයේ ගින්දර පිටවෙන්නාසේ දැනීම,නින්ද නොයාම ආදි විවිධ රෝග වලට ගොදුරු වේ.මෙයට ප්රතිකාරයක් ලෙස කෝමාරිකා භාවිතයට ගනී.කෝමාරිකාවල අඩංගු ඊස්ට්රඡන්(OESTROGEN) වලට සමාන රසායනික ව්යුහයක් ඇති ඇල්කොලොයිඩ මඟින් ඊස්ට්රඡන් හෝමෝනයේ අඩුව පිරිමසයි.මේ නිසා ඵවැනි ස්ත්රීන්ට කෝමාරිකා පානයක් වශයෙන් භාවිතය වඩාත් සුදුසු වේ.

රූපලාවන් ප්රතිකාර

ඈත අතීතයේ සිටම කාත්තාවන් අතර ඉතාමත් ඡනප්රිය ඖෂධයක් ලෙසින් කෝමාරිකා හදුන්වා දිය හැකිය.ඵයට හේතුව ස්ත්රී රෝග බොහොමයකට ඖෂධීය ප්රතිකර්මයක් වීමය.තවද මෙහි ඇති සමහර රසායන මඟින් සමේ මෙලනින් වර්ණකය පැතිරීයාම පාලනයකිරිමේ හැකියාවද පවතී. ඵමඟින් ශරීරයේ කළු පැහැති ස්වභාවය ඉවත්කර දීප්තිමත් සුදු පැහැති සමක් ලබා දෙයි.මෙම ඖෂධීය ගුණය නිසා රූප ස්වභාවය වැඩි දියුණු කරගත හැකිය.තවද දිනපතා කෝමාරික යුෂ සමමත ආලේප කිරීමේන් අධික සුර්යයාලෝකයෙන් මෘදු සම ආරක්ෂා කිරීම සිදුවේ.කෝමාරිකා යුෂ මඟින් සම තුළට විකිරණ ඇතුලුවීම වළකාලන අතර,සමට ආරක්ෂක පටලයක් ලෙස ක්රියා කිරීමද සිදුවේ.කෝමාරිකා වලට ආවරණ පටල (EPITHELIUM) වේගයෙන් වර්ධනය කිරීමේ හැකියාව ඇති නිසා සම මතුපිට ඇතිවන සීරීම් ඉක්මනින් සුවකර දී,කැළැල් නැති කිරීමේ හැකියාව පවතී.කෝමාරිකා යුෂ ෂැම්පු ඵකක් වශයෙන්ද භාවිතයට ගැනීමෙන් හිස් හොරි,හිසේ ඇතිවන තුවාල සුවපත් කරගත හැකිය.


තොටිල


දිය සීරාව ඇති තැන්හි වැවෙන ගස් වෙසෙසෙකිකොළ දිගින් අඟල් 6 ක් පමණද පළලින් 31/2ක් පමණ  වෙයිඇතුළත කහපාට ලොකු කහ පාට මල් හට ගනී.මලෙහි පිට පැත්ත හා මොට්ටු දම් පාටින් යුතුයිදිග කරල් හට ගනී.වාපිත්සෙම්උණ ආමාවාත කැස්සවමන අතීසාර සුව කරයිබඩගිනි වඩයිමල වියළීම කරයි.පණු රෝග නසයිශීතලයිකසටයිතිත්තයි.


පළොල්

රත් පළොල් ඵල පළොල් යනුවෙන් දෙ වර්ගයෙකි.කොළ දිගින් අඟල් 7ක් පමණ  පළලින් අඟල් 4ක් පමණ  වේ.උෂ්ණයිබරයිවමන හික්කා නසයිසෙම් රෝග වාත රෝග නසයි.ඉදිමුම් නැති කරයිලේ දොස් නසයිදාහය නැති කරයිහෘදයට හිතයි.


ඇද්දෙමට

සෑම පළාතෙකම වැවේකොළ අඟල් 61/2 ක් පමණ දිගින් හා අඟල් 5 ½ ක් පමණ පළලින් යුතුයි.කොළ වල පිටි පැත්ත කහපාටින් යුතුයි.තුන් දොස් නසයිඋණදාහඅර්ශස් නැති කරයි.පණු රෝග ප්රමේහ ඉදිමුම් සුව කරයි.ආම රුජා පිපාස නැති කරයි.


බැබිල
හීන් බැබිල මහ බැබිල ,මහබූ බැබිල සූළුබූ බැබිල කොටිකන් බැබිල ,සිරිවැඩි බැබිලකේසර බැබිල ආදී වශයෙන් බැබිල වර්ග ඇත

































2 comments:

  1. තව දුර්ලබ පැලෑටි ගැන තොරතුරු ටිකක් දැම්මනම් ගොඩක් වටිනවා ...............

    ReplyDelete
  2. http://www.srilankanspecies.tk/2014/04/blog-post.html

    ReplyDelete